Sun. Jul 21st, 2019

Colombo Gazette – Sinhala

News, views and more

එකම කල්ලියක් එකම පාරේ එකට හොරකම් කරනවා. සමන්ත විද්‍යාරත්න

රටේ තෙවන බලවේගය වශයෙන් හැදින්වෙන ජනතා විමුක්ති පෙරමුණ අද දවසේදී සිදු කරන කාර්යභාර්ය පිළිබදව විවිධ විවේචන එල්ල වෙමින් තිබේ. රට යන අතට ජවිපෙ ගමන කෙසේ වනවාද යන්න පිලිබදව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සමන්ත විද්‍යාරත්න Colombo Gazette Sinhala සමග දැක්වූ අදහස්හි සටහනකි මේ.

 

ජ.වි.පෙ අද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ බළල් අතක් බවට පත් වෙලාද ?

ඔය බළල් අතක් කියන අයමයි එකින්කාගේ බළල් අතක් වෙලා ඉන්නේ. අපි අසාධාරණය වෙනුවෙන්, ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී ක්‍රියාවන් වෙනුවෙන්, දූෂණය වෙනුවෙන් පෙනී ඉන්නකොට අපිට බළල්  අතක් කියනවා නම් කියන ඔවුන් ගැන කුමන කතාද

මොන තරම් දැගලුවත් තාම රට එකම තැනනේ ?

71 වසරක් මේ රටේ ජනතාව පාර වෙනස් කලේ නැහැ. ඒවගේම වාහනෙත් වෙනස් කලේ නැහැ. ජනතාව වෙනස් කලේ වාහනේට නගින රියදුරු පමණයි. එහෙම කරලා මේ රට ගොඩගන්න බැහැ. අපි හදන්නේ  අලුත් පාරක අලුත් මාවතක අලුතෙ රියදුරෙක් . ඒ සදහා ජනතාව  සුදානම් විය යුතුයි.

මොන වෙනස් කමක් වෙන්නත් තව වසරක් ඉවසන්න වෙනවා නේද ?

වසර 71 බලන් හිටිය එකේ මේ වසර මොකද්ද .

යහපාලන සංකල්පය පෙරදැඩිව රනිල් මයිත්‍රී අද යන ගමන අපිටනම් පේන්නේ පීලි දෙකක යනවා වගේ. ඔබට පෙන්නේ කොහොමද ?

බෝඩ් එකේ යහපාලනය තිබ්බට එහෙම එකක් නැහැ. හිටිය සොරමුල වෙනස් කරන්න මේ බෝඩ් එක අලුත් දෙයක් වුනා . අපේ රටේ ජනතාව යහපාලන බෝඩ් එකට බලය දුන්නා . වසර ගණනාවක් බලයේ නොසිටි කට්ටිය හරියට දවස් ගානක් බඩගින්නේ හිටපු එකාට කෑමක් ලැබුනා සේ එක පාරටම ගිලින්න ගත්තා.තිබ්බ ඇරියස් අල්ලමින් සොරකම් කරන්න මහබැංකුව ඇස් පනාපිට සුද්ද කළා. ප්‍රජාත්‍රන්තවාදය මහදවල් රෙදි  ලිහාගෙන මේ අය  උල්ලංගනය කරනවා . මේකේ ඇති යහපාලනයක් නැහැ . එකම කල්ලියක් මේ. එකම පාරේ හොරකම් කරනවා.

නිවැරදි යහපාලනය කොතැනද ?

නමේ අර්ථයෙන් යහපාලනයක් හදනවා නම් ඒ පාලනය ගෙන එන්න හැකි ප්‍රතිපත්තියක්, විනයක් තුල  පවතින ආර්ථික ගමන වෙනස් කල හැකි සමාජ ආර්ථික ගමනක් විය යුතුයි. දැන් මේ රට වෙනස් කරන්න පුළුවන් අලුත් පිල්ලකට විතරයි. ඒ සදහා අළුත් නායකත්වයක් විතරක් නෙමෙයි නව මාවතකුත් අවශ්‍යයි .

සංවාද සටහන අශන්ති වරුණසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *