Tue. Jul 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

රණවිරු සැමරුම් වසරක් ළගදීම

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය මුථමනින් නිදහස් කරගත් රණවිරු විජයග්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

රණවිරු සැමරුම් වසර ප්‍රකාශයට පත් කරමින් ඒ හා සමගාමී ව දියත් කර ඇති රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා විසින් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැලදවීය.

රණවිරු විජයග්‍රහණයට දස වසරක් සපිරෙන මෙම 2019 වසරේ දී රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කරමින් වඩා පුළුල් වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් රණවිරු සේවා අධිකාරිය පියවර ගෙන ඇත.

2018 වසරේ රණවිරු කොඩි ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙහි දී නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිවරයා එය රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා වෙත භාර දුන්නේය.

ඉන් අනතුරුව 2019 රණවිරු කොඩි ජනාධිපතිවරයා අතින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත බාර කෙරිණි.

දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරිත්වය ආරක්ෂා කරනු වස් දිවිපිදු, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුදකිරීම සහ අනුස්මරණය කිරීම උදෙසා සෑම වසරකම රණවිරු සැමරුම් මාසයක් ක්‍රියාත්මක කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *