Sun. Jul 21st, 2019

Colombo Gazette – Sinhala

News, views and more

දුම්වැටි මිල ඉහළට. අයවැය කථා

2019 වර්ෂය සදහා අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි සඳහා සඳහා වු නිෂ්පාදන බද්ද සංශෝධනය වෙයි. ඒ අනුව ජාතික ගොඩනැගිමේ බද්ද පැනවෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. ඒ අනුව මාර්තු මස 6 වන දින එනම් හෙට දිනයේ සිට බලපැවැත්වෙන පරිදි දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදු සංශෝධනය කරනු ලබන 2019 ජූනි 1 වන දා සිට බලපැවැත්වෙන පරිදි දුම්වැටි නිෂ්පාදනය සඳහා ජාතික ගොඩනැඟීමේ බද්ද පනවනු ලැබේ.

ඒ අනුව මිමි 60 කට වැඩි සිගරට් නිෂ්පාදන බද්ද සියයට 12 කින් එනම් සිගරට්ටුවක් සඳහා දළ වශයෙන් රුපියල් 5 කින් වැඩි වෙයි. සිගරට් මත වන නිෂ්පාදන බද්ද ඒ අනුව රටේ වර්ධන අනුපාතය, උද්ධමනය සැලකිල්ලට ගෙන දර්ශක මත පදනම්ව දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදුවල අවම වාර්ෂික වැඩවීම තීරණය කරනු ලබනවා.

පස්වරු දෙකට ආරම්භ වූ අයවැය ඉදිරිපත් කිරීම ආරම්භ කරමින් මුදල් අමාත්‍යවරයා සදහන් කළේ 2018 දෙසැම්බර් මස 17 වන දින නැවත බලය හිමි වු බවත්, මේ වන විට සියලු දේ යථාතත්ත්වයට පත්ව ඇති බවත්ය. ජනවාරී සිට මේ දක්වා රජයේ ණය සුරුකුම් පත් 3400 ක ධනය ගලා ඒමෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට1.5කින් ශක්තිමත් වී ඇති බව ද කියා සිටි අමාත්‍යවරයා තවද පැවසුවේ දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව අද වන විට නැවත වතාවක් නිවැරදි ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබී ඇති බවයි.

සියයට 4ක උද්ධමන අගයක් පවත්වා ගැනීමට හැකිවු අතර, 2015 වර්ෂයේ බාර ගන්නා ලද්දේ පුපුරා ගැනීමට ආසන්න වු කාල බෝම්බයක් වැනි දෙයක් වුවත් අද වන විට ආර්ථිකයේ ඇති බාධවන් සාර්ථකව පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ලිහිල් ප්‍රතිපත්ති සහිත ආර්ථිකයක් ගොඩ නැගීමට මේ වන විට තම රජයට හැකියාව හිමි වී ඇති බවද පැවසු අමාත්‍යවරයා, ආනයන තීරුබදු ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසීය.

මේ වසරේ අය වැය “එන්ට්‍රපයිස් ශ්‍රී ලංකා – ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය “ යන නමින් හැඳීන්වීමට කටයුතු යොදා ඇති බව ද කියා සිටි අමාත්‍යවරයා දවස් 52ක කුමන්ත්‍රණයේ දී ගම්පෙරළිය පළමු ගොඳුර බවට පත් වු බව ද කියා සිටියේය.

නමුත් නැවත බලයට පැමිණීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව ද කියා සිටි අමාත්‍යවරයා එන්ට්‍රපයිස් වැඩසටහනේ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකින් 30,000ක් පමණ ණය ලබා ගෙන ඇති බව ද පැවසීය.

2018 ජවාරි මාසයේ ආරම්භ කර එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා නය යෝජනා ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම ජාතික තරුණසේවා සභාවේ සහතික පත් ලාබීන්ට හට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට තින්දු කළ ඇති බව හ් මහතා පෙන්වා දෙයි.

පසුගිය සාම කිහිපය තුළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා හරහා ව්‍යවසායකින් 30000ක් පමණ ප්‍රථාලාභ ලබා ගෙන තිබේ. එමෙන් ම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රුපියල් බිලියන 60000ක් මේ වෙන කොටත් මුදා හැර ඇති බය මුදල් අමාත්‍යවරයා පැවසීය.

කුඩා ට්‍රක් රථ මත පනවා ඇති බදු අඩු කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම ධීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා පේදුරුතුඩුව හා පේසාලෙයි නව ධීවර වරායන් දෙකක් ඇති කිරීමට රුපියල් මිලියන 1300 ක් වෙන් කර තිබේ. පොල් ආශ්‍රිත කර්මාන්තවල දැනට පවතින නීති ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

පොදු තැන්වල වැසිකිලි නඩත්තු කිරීම හා ඉදිකිරීම පෞද්ගලික අංශයට බාර දෙයි. කාන්තාවන් 250 ක් හා ඊට වැඩි වාණිජ ආයතනවල ළමා සුරුකුම් මධ්‍යස්ථාන ඇති කිරීම දිරිමත් කිරීමටත්, ළමයින් රැක බලා ගන්නා ස්ථාන නඟා සිටුවීමට රජයෙන් විශේෂ වැඩසටහනක්.

ළමා සුරුකීමේ මධ්‍යස්ථාන පාසල් වේලාවෙන් පසුව හා නිවාඩු දිනයන්හිදී පවත්වා ගෙන යෑමට අවශ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

ශ්‍රම බලකාය සඳහා කාන්තාවන්ගේ මැදිහත් වීම අවම වීම හේතුවෙන් ආර්ථික වර්ධනයට බාධාවක් වන බැවින් මාස 3ක ප්‍රසූත නිවාඩු ලබා ගන්නා එක් කාන්තාවක් සඳහා මසකට රුපියල් 20000 උපරිමයකට යටත්ව වැටුප් පිරිවැයෙන් සියයට 50ක් සමාගම් බද්දෙන් අඩු කිරීමට යෝජනා කරයි.

එමඟින් පෞද්ගලික අංශයේ මව්වරුන් සඳහා මාස 3ක අනිවාර්ය ප්‍රසූත නිවාඩු ලබා දීමට මාස 4ක් දක්වා ලබා දෙන්නේ නම් 4 වන මාසය සඳහා අතිරේක අඩු කිරීම සියයට 100ක් දක්වා ලබා දෙන අතර, මෙය වසර 5ක් දක්වා බලපැවැත්වෙයි. හෙරොයින් සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ සිරගතව සිටින පුද්ගලයින් සඳහා බන්ධනාගාර ආශ්‍රතව ගොවිපොළවල් ස්ථාපිත කිරීම සඳහා බන්ධනාගර දෙපාර්තමේන්තුව සමඟ එක්වන අතර අඹේපුස්ස සහ වීරවිල ප්‍රදේශයේ දී ඉදිකිරීමට නියමිතයි.

බන්ධනාගාරගතව සිටින කාන්තාවන් සඳහා කලා ශිල්ප ව්‍යාපෘතියක් දෙම්පෙ ප්‍රදේශයේ පිහිටුවීම රුපියල් මිලියන 50ක් රජය මඟින් වෙන් කර තිබේ. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ගෙවන රුපියල් 3000 දීමනාව 5000 දක්වා වැඩි කරයි.

අඩු ආදායම් ලාබීන් 72000 කට එම දීමනාව ලබා දීමට කටයුතු කර තිබේ. පෞද්ගලික ආයතන තුළ දුබලතා ඇති අය සේවය කරයි නම් අවම වශයෙන් එවැනි පුද්ගලයින් 5 දෙනෙකු හෝ සේවා සඳහා යොදා ගන්නේ නම් 15000 උපරිමයකට යටත්ව සියයට 50 වැටුප් සහනාධාරයක් මාස 24 ක් දක්වා ලබා දීමට කටයුතු කරන බව ද මුදල් අමාතවරයා පැවසීය.

විදේශ රටවල සේවය සඳහා මෙරටන් ගොස් නැවත පැමිණෙන ලංකික ශ්‍රමිකයින් සඳහා සිහින මාලිගා ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම සඳහා යෝජනා කරයි. වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව නිරාකරණය කිරීම සඳහා තේ මණ්ඩලය සමඟ සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවද මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා එහිද සඳහන් කළේය.

අවධානමට පත්ව ඇති නාගරික ග්‍රාමිය වතු අංශවල හා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අඩු ආදයම් ලාබී පවුලි පිළිබඳ විශේෂ අවදානය යොමු කර ඇති මේ සඳහා නාගරික පුනර් ජීවන ව්‍යාපෘතිය සහ ආදර්ශ ගම්මාන වැඩ සටහන යොදා ගන්නා අතර ඒ සඳහා 2019 වර්ශයේදී රුපියපල් බිලියන 24ක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා පැවසයී.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගඩොලින් නිමකරන ලද නිවාස 15000ක් ඉදි කිරීම සඳහා 2019 වර්ශයේ දැනටමත් වෙන් කරන ලද රුපියල් බිලියන 4500ට තවත් 5500යක අතිරේකයක් වෙන් කිරීමට යෝජනා කරයි.

පළමුවරට නිවාස ලබා ගන්නා මැදි ආදයම් ලාබීන් සඳහා රපියල් මිලියන 10 දක්වා සියයට 6ක පොලී අනුපාතනය යටතේ වසර 25 අපාසු ගෙවීමේ ණය යෝජනා ක්‍රමයක් හෝම් සුයිට් හෝම් ණය යෝජනාක්‍රමය නව යුවලවල් සඳහා මෙය යෝජනා කරයි. ජුලි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයෙකු සඳහා රුපියල් 2500 ක දීමනාවක් ලබා දීමට මෙවර අයවැයෙන් තීරණය කර ඇත.

මෙවර අයවැය මගින් සෞඛ්‍ය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 24,750 ක මුදලක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය. සුවසැරිය ගිලන් රථ සේවාවේ නැවතුම් ඒකක වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වෙන් කරන බව ද අයවැය කතාව ඉදිරිපත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නිදන්ගත වකුගඩු රෝගීන්ට දැනට රුපියල් 5000 ක මුදලක් ලබාදෙන අතර එහි පොරොත්තු ලේඛනය අඩු කිරීම සඳහා තවත් රෝගීන් 5000 කට එම දීමනාව ලබාදිමට රුපියල් මිලියන 1040 ක් වෙන් කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.

ආනයනික නිෂ්පාදන ඇතුළු සියළු නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතිය ඇති කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර ඇති අතර පෞද්ගලික අංශය මගින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් පනතට අවශ්‍ය සංශෝධන සිදු කෙරෙන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ආදායම් බුද්ධි ඒකකයක් මුදල් අමාත්‍යාංශයේ පිහිටුවීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

ගුරු නිවාස වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන තිස් දෙදහසක් වෙන් කර ඇත. පෙර පාසල් නියාමනය සඳහා නෛතික රාමුවක් හදුන්වා දිමට පියවර ගන්නා බව සඳහන් කළ මුදල් අමාත්‍යවරයා පුහුණු හා සේවා තත්ත්වයන් ඉහල නැංවීමට පියවර ගන්නා බව ද පැවසුහ.

දෙමළ භාෂා ගුරු පුහුණුව සඳහා මෙවර අයවැය මගින් රුපියල් මිලියන 400 ක මුදලක් වෙන් කර තිබේ. විශ්ව විද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙවර අයවැය මගින් රුපියල් මිලියන 25,000 ක මුදලක් වෙන් කර ඇති අතර රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයක් ඉදි කිරීමට ද කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට යෑමට රුපියල් මිලියන එකයි දශම එකක පොලී රහිත ණය ක්‍රමයක් හදුන්වාදීමට ද මෙවර අයවැය මගින් යෝජනා කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *