පළාත් සභා ශක්තිමත් කෙරේ

පළාත් සභා ශක්තිමත් කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ නියෝජිතයින් එකඟ වූ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

මෙම සාකච්චා වලට මූලික හේතුව වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණය ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ මත්භේදයන් ඇති වීමය.

ඔහු මේ බව සදහන් කරන්නේ ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඒ අනුව එළඹෙන සතියේ නැවත රැස්වී ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන හෝ නීති සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් 2015 ජනවාරි 08 වනදා වනවිට තමන් සිටි ස්ථාවරයේම අදටත් සිටින බවත් නීති සම්පාදනයේ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවට හෙයින් අවශ්‍ය සියලුම සහයෝගය ලබාදීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසූ බවද සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here